ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැග්නිටියුඩ් 7.5ක භූකම්පනයකින් පසු ඉන්දුනීසියාවට සුනාමියක්
ඉන්දුනීසියාවේ වෙරළබඩ ප්‍රදේශයක හටගත් මැග්නිටියුඩ් 7.5ක භූමිකම්පාවත් සමග දැඩි සුනාමි තත්වයක් බලපා ඇති බව නිලධාරීහු පවසති.
සුලවේසි දූපතේ පලු ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර මඳ වේලාවකට පසු අඩි 6.6ක් පමණ උස මුහුදු රැළි ගොඩබිම තුළට පැමිණ තිබේ.
ඒ අවට සිටි පුද්ගලයන් කලබල වී දිව යන ආකාරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවූ වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ. හානි වූ ගොඩනැගිලි අතර මුස්ලිම් පල්ලියක් ද දක්නට ලැබිණ.
මේ වනවිට පස් දෙනෙකු මියගොස් ඇතැයි බලධාරීන් පැවසුවත්, එම මරණ සිදුවූයේ සුනාමියෙන්දැයි තවමත් පැහැදිලි නැත.
පසුගිය මාසය තුළ ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත්වල සිදුවූ භූකම්පන ගණනාවකින් සිය ගණනක් මිය ගියහ. විශාලතම භූකම්පනය වාර්තා වූයේ අගෝස්තු පස්වෙනි දින වන අතර, ඉන් 460කට අධික පිරිසක් මිය ගියහ.
2004 වර්ෂයේදී ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදු වූ භූකම්පනයකින් පසු ඇති වූ සුනාමි තත්වයකින් ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල් කීපයක පුද්ගලයන් 226,000ක් මිය ගිය අතර, ඉන් 120,000ට අධික පිරිසක් ඉන්දුනීසියානු වැසියෝය.
ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ 'ගිණි වළල්ල' ලෙස හඳුන්වන නිතර භූකම්පන ඇතිවන ප්‍රදේශයකය. ලෝකයේ සක්‍රීයව පවතින යමහල් අතරින් අඩකට වැඩි ප්‍රමාණයක් මෙම ගිණි වළල්ල ඇතුළත පිහිටා තිබේ.
මේ තොරතුරුද කියවන්න: