ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රසීලය: වසර 200 ක් පැරණි ජාතික කෞතුගාරයට ගින්නකින් හානි
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය වන ජාතික කෞතුකාගාරය ගිනිගෙන තිබේ.
මිලියන 20 ක පමණ අයිතමයන්ගේ එකතුවක් පැවති එම කෞතුකාගාරයේ ගින්න මැඩලීම සඳහා ගිනි නිවන භටයෝ වෙහෙස දැරුහ.
මෙහිදී කිසිවකුට තුවාල සිදුවී ඇති බවක් වාර්තා නොවේ.
අතීතයේ පෘතුගාල රාජකීය පවුලේ නිවාසය වූ මේ ගොඩනැගිල්ලේ 200 වෙනි සංවත්සරය 2018 වසර මුලදී සැමරිණි.
ගින්න නිසා සිදුවී ඇති හානිය කොතෙක්දැයි මෙතෙක් පැහැදිලි නැත.
"වසර 200 ක ක්‍රියාකාරකම්, පර්යේෂණ හා දැනුම අහිමි වූ" මෙදින "සියලු බ්‍රසීලියානුවන්ට කනගාටුදායක දිනයක්" බව ජනාධිපති මිචෙල් ටෙමර් (Michel Temer) ට්විටර් පණිවිඩයකින් කියා සිටියේය.
බ්‍රසීලයේ TV Globo නම් රූපවාහිනිය සමග අදහස් පළ කළ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මෙය "සංස්කෘතික විපත්තියක්" බවය.
කෞතුකාගාරය තුළ බ්‍රසීල මෙන්ම ඊජිප්තු පුරාවස්තු ද ඇතුළු අනෙකුත් රටවලට ද අදාළ දේ දහස් ගණනක් තැන්පත් කර තිබුණු බව එහි වෙබ් අඩවියේ දැක්වේ.
එහි වූ ස්වභාවික ඓතිහාසික දේ අතරට ඉතා වැදගත් ඩයිනසෝර සැකිලි මෙන්ම වසර 12,000 ක් පැරණි කාන්තාවකගේ අස්ථි ද විණි. එය ඇමරිකානු කලාපයෙන් හමුවූ පැරණිතම මානව අස්ථි ද වේ.
මෙම ආයතනයට සැපයුණු ප්‍රතිපාදන කපා හැරීම මෙන්ම, ගොඩනැගිල්ල අභාවයට යමින් පැවති තත්ත්වය සම්බන්ධයෙන් එහි සේවකයින් සිය අවධානය යොමු කර තිබු බව මීට පෙර වාර්තා විය.
1818 දී මෙම ආයතනය ආරම්භ කෙරුණේ විශේෂඥයින් හට එහි වූ එකතුව පරිශීලනයට ඉඩ හැර විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය.
මේ තොරතුරු දැනගන්න: