ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එංගලන්ත සෞඛ්‍ය සේවයේ විදේශීය වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අවස්ථා
පවුලේ වෛද්‍යවරුන් (GP) සංඛ්‍යාව ඉහල නැංවීමේ පුළුල් වැඩපිළිවෙලක කොටසක් වශයෙන් රැකියා ඒජන්සිවලට ස්ටර්ලින් පවුම් කෝටි දහයක මුදලක් ලබාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සැලසුම් කරයි.
2020 වනවිට තවත් පවුලේ වෛද්‍යවරුන් 5000 ක් බඳවා ගන්නා බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් නිවේදනය කර තිබේ.
මේ වනවිට ඒ සඳහා රැකියා ඒජන්සිවලින් ටෙන්ඩර් කැඳවා තිබෙන අතර, ඒ අනුව එම වෛද්‍යවරුන්ගෙන් අඩක්ම විදේශීය රටවලින් බඳවා ගැනීමට ඉඩ තිබේ.
බ්‍රිතාන්‍යයේ උපත ලැබූවන් අතරින් පවුලේ වෛද්‍යවරුන් පුහුණු කිරීමට සහ එසේ පුහුණුව ලැබූවන් සෞඛ්‍ය සේවයේ රඳවා ගැනීමට ජාතික සෞඛ්‍ය සේවය අරගලයක නිරතව සිටියි.
මේ තත්වය යටතේ හෙද හෙදියන් සහ භෞත චිකිත්සකයන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ද විදේශීය රටවලින් බඳවා ගැනීමට ජාතික සෞඛ්‍ය සේවය සැලසුම් කරයි.
සබැඳි යොමු:
එංගලන්ත සෞඛ්‍ය සේවය මෙලෙස විදේශීය රටවලින් සේවකයන් බඳවා ගනු ලබන්නේ 2020 වන විට පවුලේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් බිලියන 2.4 ක ආයෝජනයක කොටසක් වශයෙනි.
සෞඛ්‍ය සේවය වෙනුවෙන් දැනට වඩා 14% ක මුදලක් ආයෝජනය කරන බව 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් අනතුරුව කොන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුව නිවේදනය කළේය.
පවුලේ වෛද්‍යවරුන්ට පුහුණුව ලැබීමේ අවස්ථා පුළුල් කිරීමට ද ජාතික සෞඛ්‍ය සේවය කටයුතු කරමින් සිටින නමුත් පසුගිය වසරේ ප්‍රදානය කරන ලද පුහුණුවීමේ අවස්ථාවලින් 7% ක් වෛද්‍යවරුන් භාවිතයට ගෙන නොතිබිණි.
නව පවුලේ වෛද්‍යවරුන් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ බ්‍රිතාන්‍යයට පැමිණි පදිංචිවීම සඳහා යන වියදම ඔවුන් බඳවා ගන්නා රැකියා ඒජන්සි විසින් දරනු ඇතැයි අපේක්ෂිතය.
එම වෛද්‍යවරුන් හෙද හෙදියන් මුලින්ම යුරෝපා සංගමයට අයත් රටවලින් බඳවා ගැනෙනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ නමුත් විදේශීය රටවලින් පවා බඳවා ගනු ලැබුවද, 2020 වන විට අලුත් පවුලේ වෛද්‍යවරුන් 5000 ක් බඳවා ගැනීමේ ආණ්ඩුවේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ වෛද්‍ය ක්‍රිෂ්ණා කසරානේනිගේ (Dr Krishna Kasaraneni) අදහසය.