ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා
දෙරට අතර සබඳතා කෙරෙහි අනුමත කළ නොහැකි "නිශේධනාත්මක කාරණා" අහිතකර බලපෑමක් ඇතිකර තිබෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දුන්නේය.
චීන ජනාධිපතිවරයා එම දැනුම්දීම කරනු ලැබ තිබෙන්නේ දුරකථන සාකච්ඡාවකදීය.
දකුණු චීන මුහුදේ පිහිටි චීනය විසින් පාලනය කරනු ලබන දූපත් කීපයක් අසළින් ඇමෙරිකානු යුද නැවක්(USS Stethem) පසුගියදා යාත්‍රා කළ අතර ඉහත කී දුරකතන සංවාදය සිදුව ඇත්තේ ඉන් මඳ වේලාවකට පසුවයි.
ඇමෙරිකානු යුද නැව සිය කලාපය ඔස්සේ යාත්‍රා කරනු ලැබීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරය පළකළේ සිය යුද නැව් සහ ප්‍රහාරක ජෙට්යානා එම කලාපයට යවමිනි.
දකුණු චීන මුහුදේ දූපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ කලාපයේ වෙනත් රටවල් අතර ආරවුලක් පවතී.
එම දූපත් චීන පාලනය යටතට ගනු ලැබීමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය බේජිං පාලනයට අවවාද කර ඇති නමුත් එම දූපත් තමන්ට අයත් බව චීනය කියා සිටියි.
"සිය පරමාධිපත්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට නොපැකිළෙන" බවත් චීනය කියා සිටියි.
ඇමෙරිකානු යුද නැව මගින් සිදු කෙරුණ මෙහෙයුම දේශපාලන සහ යුදමය වශයෙන් බරපතල කුපිත කිරීමකට හේතු වූ බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
එපමණක් නොව උතුරු කොරියාව සහ තායිවානය මුල්කර ගත් ප්‍රශ්න සහ අනවසරයෙන් මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම වැනි කරුණු හේතුවෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා පසුගිය දිනවල නෝක්කාඩු සහගත තත්වයකට වැටී තිබුණි.