ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොන් නාම් ඝාතනය: "ගුවන්තොටුපොළේ විෂ රසායන නෑ"
මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ මගී පර්යන්තය නැවත භාවිත කිරීමට සුදුසු ආරක්ෂාකාරී තත්වයක පවතින බව එරට බලධාරීහු පවසති.
මින් සති දෙකකට පෙර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොහොයුරු විෂ රසායනයක් භාවිත කරමින් ඝාතනය කෙරුණේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළේ දීයි.
ඝාතනය සඳහා යොදා ගැනුණු බව හෙළි වූ ලෝකයේ දරුණුතම විෂක් ලෙස සැලකෙන "වී එක්ස්" (VX) රසායනය හෝ වෙනත් මිනිස් සිරුරට අහිතකර රසායන මගී පර්යන්ත තුළ තිබේදැයි සොයාබැලීම පිණිස මැලේසියානු පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් දියත් කරනු ලැබීය.
කිම් ජොන් නාම් ගේ ඝාතනය සිදු කළ බවට සැක පිට අත්අඩංගුවට පත් වී සිටින කාන්තාව කියා සිටියේ තමන් නිර්දෝෂී බවය.
යමෙකු තමන්ට ඩොලර් අනූවක මුදලක් ලබා දෙමින් මගියෙකුට දියරයක් ඉසීමේ විහිළුවක් කිරීමට ඇගේ සහාය පැතූ බව ඇය පොලිසියට පවසා ඇත.
තමා ඊට හවුල්වුණේ එම කාර්යය මගින් කිසිවකුට හාණියක් සිදු නොවනු ඇතැයි යන විශ්වාසයෙන් බවත් එම කාන්තාව ප්‍රකාශකර තිබේ.
මේ වන විට ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තිදෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.