ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප් ඉදිරියට, ආසියානු කොටස් වෙළඳපොල පහළට
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඇති වැඩි ඉඩකඩත් සමග ආසියානු කොටස් වෙළඳපොළේ ක්ෂණික පසුබෑමක් දක්නට ලැබේ.
ජපානයේ කොටස් වෙළඳපොළ 5% කට වැඩි අගයකින් පහළ ගොස් ඇති අතර හොංකොං කොටස් වෙළඳපොළ 4% ක අගයකින් පහළ ගොස් තිබේ.
ජපාන යෙන් ඇතුළු ඇතැම් මුදල් ඒකක සහ රත්‍රන් වැනි ආරක්ෂාකාරී ආයෝජන මාධ්‍ය වෙත මුදල් ගලා යන ස්වභාවයක් දක්නට ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඊට ඉඳුරාම වෙනස් ප්‍රතිඵලයක් අත් කර දෙමින්, එක්සත් ජනපදයේ අසල්වැසි රාජ්‍ය වන මෙක්සිකෝවේ පේසෝ මුදල් ඒකකයේ අගය වාර්තාගත මට්ටමකින් පහළ යමින් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වීමේ වැඩි ඉඩකඩ සමග මෙක්සිකෝවට එල්ල වේ යැයි සැලකෙන බලපෑම හමුවේය.