ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් තාරකාවෝ අවසන් සටනට සූදානමින්
2017 කාන්තා ලෝක ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය අද (ජූලි 23 ඉරිදා )බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 10.30 ට ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ ඉන්දියානු සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතරයි .
මෙම තරඟාවලියේ දී සත්කාරක රට හැටියට සහභාගී වූ පළමු තරඟය හැරුනවිට තමන් සහභාගී වූ සෙසු සියලු තරඟ ජය ගැනීමට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.
ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලද දෙවන අවස්ථාව මෙයයි.
2005 වසරේ ලද පළමු අවස්ථාවේ ඉන්දියාව ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පරාජය විය.
එහෙත් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මින්පෙර ලෝක ශූරතා තුනක් ජයගෙන ඇති අතර අද තරඟය ජය ගත්තොත් එය ඔවුන්ගේ හතරවැනි ලෝක ශූරතාව බවට පත්වෙයි.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත් දැන් වේගයෙන් ජනප්‍රිය වීමට පටන් ගෙන ඇතැයි ක්‍රිකට් බලධාරීන් සහ විස්තර විචාරකයන් පවසති.
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ජන මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලැබුණ අතර පන්දුවාරයෙන් පන්දු වාරයට විස්තර විචාරය සිදු කෙරිණ.
මෙවර ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් තරඟයක් හැරුන විට සෙසු තරඟ ජය ගැනීමට අපොහොසත් වුනත් ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු එක් තරඟයකදී වාර්තාගත ඉණිමක් ක්‍රීඩා කළාය.