ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට 'කම්මුල් පහරක්'
ප්‍රංශයේ ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට යම් පුද්ගලයෙකු මුහුණට පහර දී තිබේ.
එමානුවෙල් මැක්‍රොන් වැලෙන්ස් නගරයෙන් පිටත පිහිටි Tain-l'Hermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරන අයුරු සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැකගත හැකිය.
නිලධාරීන් ඉක්මණින් ක්‍රියාත්මක වීමට පෙර යම් පුද්ගලයෙකු මැක්‍රොන්ගේ මුහුණට පහර දුන් අතර, ඊළඟ මොහොතේ දී ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනු ලැබීය.
සිද්ධියෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයාට කම්මුල් පහරක් එල්ල වන විට "Down with Macron-ism (මැක්‍රෝ-වාදය සමග පහතට) " යන වචන ද කෑ ගසා පවසා තිබිණි.
දේශපාලනඥයන් මෙම සිද්ධිය හෙලා දැක තිබේ.
මේ තොරතුරු ද කියවන්න:
මෙම සිද්ධියෙන් කෙටි වෙලාවකට පසු ප්‍රංශ අග්‍රාමාත්‍ය ජොන් කැස්ටෙක්ස් ජාතික සභාව අමතමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය යනු විවාද කිරීම සහ නීත්‍යානුකූල ලෙස එකඟ නොවීම වන අතර, "එයින් කිසි විටෙකත් ප්‍රචණ්ඩත්වය, වාචික ප්‍රහාර සහ ඊට අවම ශාරීරික ප්‍රහාරයක් අදහස් නොකළ යුතුය" යන්නය.
"ජනාධිපතිවරයා සමඟ සහයෝගීතාවයෙන්" සිටින බව අන්ත වාමාංශික නායක ෂොන් ලූක් කම්මුල් පහර සිද්ධියෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
අන්ත දක්ෂිනාංශික නායක මරීන් ල පෙන් මෙම සිද්ධිය හෙලාදකිමින් කියා සිටියේ, "ප්‍රජාතන්ත්‍රවාදී විවාද කටුක විය හැකි නමුත්, කිසි විටෙකත් ශාරීරික හිංසනය ඉවසිය නොහැකි" බවය.
ජනාධිපති මැක්‍රොන් මේ වන විට ප්‍රංශයේ සංචාරයක යෙදී සිටින අතර Tain-l'Hermitage හි හෝටල් පාසලකට ද ගොස් තිබේ. වයස අවුරුදු 25-30 අතර පුද්ගලයන් සඳහා පවතින වෘත්තීය ආයතනයකට යාම ඇතුළු ඔහුගේ සංචාරය අඟහරුවාදා (ජූනි 8) දින ද අඛණ්ඩව සිදුකිරීමට නියමිතව තිබිණි.
ජනාධිපතිගේ සංචාරය සිදුවන්නේ ප්‍රංශයේ අවන්හල් සහ ආපනශාලා මාස හතක් වසා දැමීමෙන් පසු නැවතත් පාරිභෝගිකයින්ට විවෘත කළ දින සවස් යාමයේදීමය. බදාදා (ජූනි 9) සිට ප්‍රංශයේ රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ ද රාත්‍රී 11.00 සිට ය. ඊට පෙර රාත්‍රී 9 සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක විණි.