ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්‍රේන මගී ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ
යුක්‍රේනයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් මගීන් 170 දෙනෙකුට වැඩි පිරිසක් සමග ඉරානයේදී කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.
දිවි ගලවාගත් කිසිවකු හෝ සොයාගැනීමට ඉඩක් නැති බව ඉරාන රතු අඩසඳ ආයතනය පැවසීය.
ෆාර්ස් රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසු පරිදි යුක්‍රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක්ව තිබෙන්නේ එය ඉමාම් කොමෙයිනි ගුවන්තොටුපොළින් ගුවන්ගතව සුළු වෙලාවකිනි.
යානය යුක්රේනයේ කියෙෆ් අගනුවර බලා පියාසර කරමින් තිබිණි. අනතුර විමර්ශනයට කණ්ඩායමක් පත් කර ඇති බව යුක්‍රේන ආණ්ඩුව පැවසීය.
ඕමාන් රාජ්‍යයේ සිය සංචාරය අවලංගු කළ ජනාධිපති වොලොද්යමීර් සෙලෙන්ස්කි යළි කියෙෆ් වෙත පැමිණෙන බව නිවේදනයක සඳහන් විණි.
"සියලු මගීන්ගේ හා කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් හා හිතවතුන් වෙත මගේ අවංක සංවේගය පළකරනවා" යැයි ඔහු නිවේදනයකින් පැවසීය.
මෙම අනතුර ඉරාන - ඇමෙරිකානු ගැටුමට සම්බන්ධවුවක් ද යන්න පැහැදිලි නැත.
මගීන් 168 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු අදාළ ගුවන් ගමන සඳහා ලියාපදිංචිව සිට ඇති බව අගමැති ඔලෙක්සි හොන්චාරුක් සඳහන් කළේය.
මේ තොරතුරු ද දැනගන්න: