ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියානුවෙක් උපන්දිනයට ලැබුණු BMW රථය ගඟට තල්ලු කරයි
සිය උපන්දිනය සඳහා ජගුවාර් රථයක් වෙනුවට BMW රථයක් තෑගී වශයෙන් ලැබීම ගැන කෝපයට පත් ඉන්දියානුවෙකු එම අලුත් මෝටර් රථය ගඟට තල්ලු කර තිබේ.
උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගඟකට තල්ලු කරන ලද BMW රථය එහි පාවෙමින් යන ආකාරය සමාජ ජාල තුළ පළ වූ වීඩියෝවක දැක්වේ.
පසුව එය ගං ඉවුරේ රැඳී ඇති අතර ඉඩම් හිමියෙකුගේ පුතෙකු බව පැවසෙන ඉහත කී පුද්ගලයා රථය ගොඩ ගැනීමට උත්සහ දරා ඇත.
ඒ සම්බන්ධයෙන් පොලිසිය පර්යේෂණයක් පවත්වන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව තුළ BMW රථයක මිල එරට මුදලින් රුපියල් ලක්ෂ තිස් පහක් පමණ වන අතර ජගුවාර් රථයක මිල රුපියල් ලක්ෂ හතළිහත් පනහත් අතර වේ.