ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊජිප්තු මමි: මින්යා ප්‍රදේශයෙන් අලුත් සොහොන් ගැබ් සොයා ගැනේ
ටොලමෙයික යුගයට (ක්‍රි.පූ. 305 - 30) අයත් මමී 50 ක් ඊජිප්තු පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.
එසේ හමුවූ මමිවලින් 12 ක් දරුවන්ගේ ය. කයිරෝ අගනුවරට දකුණින් පිහිටි මින්යාහි ටුනා එල්- ගබෙල් ගවේෂණ බිමේ මීටර 9ක් (අඩි 30) ගැඹුරින් වූ භූමදාන කුටිවලින් එම මමී සොයාගෙන තිබේ.
ඉන් ඇතැම් ඒවා රෙදිවලින් ඔතා තිබූ අතර සෙසු මමී පාෂාණවලින් තැනුණු දෙන තුළ මෙන් ම දැවයෙන් තැනුණු දෙනවල බහා තිබිණි.
එම මමිවල අනන්‍යතාව නොදන්නා නමුදු ඔවුන් වැදගත් තැනක ලා සලකන ලද්දන් විය හැකි බව නිලධාරීහු පවසති.
මේ තොරතුරු ද දැනගන්න: