ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියාව: 'නින්ද ගිහින්' ගමනාන්තය පසුකර ගිය ගුවන් නියමුවෙක්
ගුවන් නියමුවා නින්දට වැටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් එහි ගමනාන්තය පසුකරමින් කිලෝමීටර් 50 ක් පමණ දුරකට ගමන් කර ඇති බව ගුවන් ආරක්ෂක නිලධාරීහු පවසති.
එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ ගමන් කර තිබෙන්නේ නියමුවා පමණය. මෙය සිදුවූයේ පසුගිය නොවැම්බර් 8 වෙනි දින යානය ඩෙවන්පොර්ට් සිට තස්මෙනියාවේ කිං දූපත දක්වා පියාසර කරමින් සිටියදීය.
ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය මෙම සිදුවීම "අයෝග්‍යතාව" යටතේ වර්ගීකරණය කර පරීක්ෂණ පවත්වමින් සිටී.
නියමුවා අවදි වූයේ කෙසේදැයි යන්න පිළිබඳව නිලධාරීන් කිසිවක් පවසා නැති අතර, යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා තිබේ.
මේ ගැනත් දැනගන්න:
Piper PA-31 වර්ගයේ ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු සිදුකර තිබුණේ Vortex Air සමාගමය.
"ගුවන් ගමන අතරතුරදී නියමුවාට නින්ද ගිහින්. ඒක නිසා යානය කිලෝමීටර් 46 ක් පමණ දුරක් කිං දූපත ඉහළින් පියාසර කර තිබෙනවා," යනුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය ඔවුන්ගේ සංක්‍ෂිප්ත වාර්තාවක සඳහන් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ නියමුවන්ගේ තෙහෙට්ටුව පිළිබඳව දැඩි නීති පවතින බව ගුවන් කටයුතු පිළිබඳ විශේෂඥ නීල් හන්ස්ෆොර්ඩ් පැවසීය.
"තෙහෙට්ටුවට පත් අයෙක් ගුවන් යානයක් පැදවීමට මේ ලෝකේ කිසිම හැකියාවක් නැහැ," ඔහු ඕස්ට්‍රේලියානු ගුවන්විදුලියට ප්‍රකාශ කළේය.
තමන් නියමුවාගෙන් ඒ ගැන කරුණු විමසන බවත්, මෙහෙයුම් ක්‍රියාපටිපාටි පිළිබඳව සමාලෝචනයක් කරන බවත් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පවසයි. ඒ පිළිබඳ වාර්තාව ලබන වසරේ නිකුත් කරනු ඇත.
පසුගිය වසරේ, කිං දූපත කරා පියාසර කළ ගුවන් යානයක් ගුවන්ගතවීමෙන් මොහොතකට පසු අනතුරට ලක්වීමෙන් පස්දෙනෙක් මිගියහ.