ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
#MeToo ව්‍යාපාරය ගැන අදහස් දැක්වූ ප්‍රීටි සින්ටාට ඉන්දියානුවන්ගේ විරෝධය
ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන ප්‍රීටි සින්ටා #MeToo ව්‍යාපාරය පිළිබඳව පළ කළ අදහසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී තිබේ.
මේ අතර, ඇය චෝදනා කර ඇත්තේ, තමන් පැවසූ අදහස "වැරදි ලෙස සංස්කරණය" කර ඇති බවටය.
#MeToo ව්‍යාපාරය හොලිවුඩ්හිදී මීට වසරකට පමණ ඇරඹුණු අතර ඒ තුළින් තමන් මුහුණ දුන් ලිංගික අතවර සම්බන්ධයෙන් දහස් ගණනක් කාන්තාවන් අදහස් දක්වා තිබිණි.
පසුගිය මාස කිහිපය තුළ #MeToo ව්‍යාපාරය ඉන්දියාව තුළ දැඩි අවධානයට ලක්වූයේ, ඒ හරහා විකට නළුවන්, මාධ්‍යවේදීන්, ලේඛකයින්, නළුවන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ලිංගික අතවර චෝදනා එල්ල වීම හේතුවෙනි.
මේ ගැනත් කියවන්න:
ප්‍රීටි සින්ටා මේ වන විට බොලිවුඩයේ ක්‍රියාකාරී සිනමා තාරකාවක නොවුණ ද, වසර කිහිපයකට පෙර ඇය බොලිවුඩ් සිනමාවේ ඉහළ ම ස්ථානයක සිටියාය. ඇය ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, ආමීර් ඛාන් සහ රිතික් රෝෂන් වැනි සිනමා තාරකාවන් සමග චිත්‍රපට රැසකට දායක විය.
ඇය මතභේදයට තුඩු දී ඇති අදහස් පළ කර ඇත්තේ, බොලිවුඩ් තොරතුරු පළ කෙරෙන වෙබ් අඩවියක් සමග පැවති සංවාදයකදීය.
ලිංගික අතවරයන්ට ලක්වූවන් වෙනුවෙන් ඉන්දීය නළු නිළියන් රැසක් #MeToo ව්‍යාපාරය හරහා සිය සහය පළ කර තිබියදී ප්‍රීටි සින්ටා ඒ සම්බන්ධයෙන් පළ කර ඇති අදහස පිළිබඳව පුදුමයට පත් වන බව බීබීසී දිල්ලි මාධ්‍යවේදිනී ගීතා පාන්ඩේ පවසයි.
අදාළ සංවාදයේදී පෞද්ගලිකව ඇය අතවරයකට ලක්ව තිබේදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය සිනාසී "නෑ. මට එහෙම අත්දැකීමක් නෑ. එහෙම දෙයක් මට වෙලා තිබුණ නම් ඔබට උත්තරයක් දෙන්න තිබුණා," යනුවෙන් පිළිතුරු දී ඇත.
ඇය වැඩිදුරටත් පවසා තිබුණේ, "මිනිස්සු ඔබට සලකන්නේ ඔබ කැමති ආකාරයටයි," යනුවෙනි.
ඇයගේ ප්‍රකාශය "වින්දිතයින්ට නින්දා කිරීමක්" ලෙස සලකනුයේ එම අදහස් දැක්වීම හේතුවෙනි.
තවදුරටත් කියවන්න:
එම සංවාදය මුලදී ඇය ප්‍රකාශ කර තිබුණේ, "#MeToo ව්‍යාපාරය ආරම්භ කිරීම වැදගත් දෙයක්," බවය. එහෙත් පසුව ඇය සඳහන් කර තිබුණේ, "ඇතැම් කාන්තාවන් පෞද්ගලික න්‍යාය පත්‍ර හෝ ප්‍රසිද්ධිය සඳහා මෙය භාවිත කරමින් එම ව්‍යාපාරය විනාශ කිරීම," නරක දෙයක් ලෙස තමන්ට දැනෙන බවය.
ඇයගේ සංවාදය ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වූ අතර බොහෝ දෙනෙකු එය විවේචනය කර තිබිණි.
මෙම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රීටි සින්ටා ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ, "හැල්ලුවට ලක්කිරීම සඳහා සහ තේරුම් ගැනීමේ අසමත් බව නිසා," තමන් පළ කළ අදහස් වැරදි ලෙස සංස්කරණය කර ඇති බවය.
මේ අතර, සිය ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අවසන් පිළිතුරක් ප්‍රීටි සින්ටා නිකුත් කර තිබේ.
ඉන්දියාව තුළ #MeToo ව්‍යාපාරය ආරම්භ වූයේ, 2000 වසරේදී නානා පටේකාර් තමන්ට අතවරයක් කළ බවට ටනුශ්‍රී දත්තා 2018 සැප්තැම්බරයේදී හෙළි කිරීමත් සමගය.
කෙසේ වෙතත්, එය "අසත්‍යයක්" බව පවසමින් නානා පටේකාර් එය ප්‍රතික්ෂේප කළේය.