ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාබුල් අගනුවර: මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර මධ්‍යයේ එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් අඩුතරමින් අනූපස් දෙනකු මරණයට පත්ව තවත් 157 දෙනකුට පමණ තුවාල සිදුව ඇති බව අලුතින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ ඇෆ්ඝන් අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශයේ පැරණි ගොඩනැගිල්ල අසල බවත් වාර්තා වෙයි.
ප්‍රහාරය එල්ල කෙරෙන අවස්ථාවේ එම කලාපය මහජනයාගෙන් පිරී තිබුණ අතර පුද්ගල හානි සිදුව ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි.
සිදු වූ හානි පිළිබඳව තවත් තොරතුරු ලැබෙමින් පවතී.
මරාගෙන මැරෙන ප්‍රහාරකයා පැමිණ ඇත්තේ ගිලන් රථයකින් බවත් පැවසෙයි.
මෙයින් දවස් කීපයකට පෙර ඇෆ්ඝනිස්තාන් සන්නද්ධ ප්‍රහාරකයන් කණ්ඩායමක් 'ජලාලාබාද්' නගරයේ ළමා ශුභ සාධනය සඳහා වන 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර ආයතනයේ (Save the Children) කාර්යාලයට පහර දීමෙන් තිදෙනෙකු මරණයට පත් වූ අතර අඩු තරමින් තවත් දොළොස් දෙනෙකුවත් තුවාල ලද බව වාර්තා විය.
ඒ සමඟ ජලාලාබාද් නගරයේ සිය සේවය නතර කරන බව 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර ආයතනය (Save the Children) විසින් නිවේදනය කරනු ලැබුණි.
එම ප්‍රහාරයට පෙර කාබුල් අගනුවර 'ඉන්ටකොන්ටිනන්ටල්' හෝටලයට පහර දීමෙන් විසි දෙනකුට අධික පිරිසක් මරා දමනු ලැබුණි.
පෙර පුවත්: