ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස
මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.
ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 6 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී තිබුණි.
ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇත.
ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය.
නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තත්වය :
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත.
මේ තොරතුරුද දැනගන්න: