ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇය ඉන්දීය මුස්ලිම්, ඔහු අරාබි මුස්ලිම්: මරණයෙන් නිමවූ ප්‍රේමය
අරාබි මුස්ලිම් සම්භවයක් සහිත තරුණයෙකුට පෙම් බැඳීම හේතුවෙන් ඝාතනයට ලක්වූ ඉන්දීය මුස්ලිම් සම්භවයක් සහිත තරුණිය වෙනුවෙන් උපහාරය පළවෙමින් පවතී.
එංගලන්තයේ දිවිගෙවූ 19 හැවිරිදි මෙම තරුණිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ බවට චෝදනා එල්ල වන්නේ 33 හැවිරිදි ඉන්දීය සම්භවයක් සහිත මුස්ලිම් තරුණයෙකුට ය.
මරණයට පත් තරුණිය පිළිබඳව ෆේස්බුක් පිටුවක පළවූ සඳහනක දැක්වෙන්නේ ඇය "ඉතා බුද්ධිමත් සහ රූමත්" තැනැත්තියක බව ය.
ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව උපදේශන ලබා දුන් නව යෞවනියකි.
මෙම තරුණිය මරා දැමීමට පෙර දූෂණයට ලක්වී තිබේ. ඇයගේ මළ සිරුර නිවසක තිබී හමුවූයේ පසුගිය බදාදා ය.
අරාබි සම්භවයක් සහිත මුස්ලිම් තරුණයෙකු හා පෙමින් වෙළී සිටීම නිසා මෙම ඉන්දීය මුස්ලිම් තරුණිය ඝාතනය කර ඇති බවට චෝදනා කරමින්, ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාට එරෙහිව නඩු පවරා තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයගේ ගෙලට සිදුවූ තුවාලයක් හේතුවෙන් මරණයට පත්වී ඇති බවය.