ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අබායා සහ තොල් සායම්: පූජක උපදෙසට සෞදි කාන්තා ප්‍රතිචාරය
එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමෙන් වලකින මෙන් සහ තොල් සායම් ආලේපනය නොකරන මෙන් ප්‍රධාන පෙළේ මුස්ලිම් පූජකවරයෙකු නිකුත් කළ උපදෙසක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ කාන්තාවෝ ප්‍රතිචාරය පළකරමින් සිටිති.
බොහෝවිට විශාල මුස්ලිම් ජනගහනයක් සහිත රටවල කාන්තාවන් ඇඟලන අබායා ඇඳුම මිලදී ගන්නා විට එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින්නැයි ආචාර්ය මොහමඩ් අලරෆේ (Mohammed Alarafe) පූජකවරයා පසුගිය ඉරිදා සවුදි අරාබියේ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියේය.
ට්විටර් පණිවුඩයක් මගින් පූජකවරයා කළ එම ඉල්ලීමට බොහෝ කාන්තාවන් හාස්‍යජනක ප්‍රතිචාරයක් පළ කර තිබුණි.
තමන් මිලදී ගත් අබායා ඇඳුම්වල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කළ කාන්තාවෝ එම ඇඳුම් අනුමත කරන්නේ දැයි ආචාර්ය අලරෆේ ගෙන් විමසා තිබුණි.
කෙසේ නමුත් විශේෂයෙන්ම ගල්ෆ් කලාපීය රටවල වෙසෙන ජනතාව ඇතුළු අරාබි භාෂාවෙන් ට්විටර් පණිවුඩ නිකුත් කරන කණ්ඩායමක්වන Arab Twitter ඔස්සේ පූජකවරයාගේ ට්විටර් පණිවුඩය 31,000 දෙනෙකු විසින් බෙදා හරිනු ලැබ තිබුණි.
සබැඳි යොමු:
"මගේ අබායා ඇඳුම ගැන ඔබ සිතන්නේ කුමක්ද," යනුවෙන් එක් කාන්තාවක් සිය ඇඳුමේ ඡායාරූපයක් පළකරමින් විමසා තිබුණි. "ඊළඟ වතාවේ මම ලස්සන, වර්ණවත් එම්බ්‍රොයිඩර් එක්ක අබායා ඇඳුමක් මිලදී ගන්නම්."
සිය ශරීරය නිරාවරණයවන ආකාරයේ ඇඳුමක් පූජකවරයාට ප්‍රදර්ශනය කිරීමට කැමති බව තවත් කාන්තාවක් පවසා තිබුණු අතර, තමන් සෞදි අරාබියේ වාසය නොකළත් පූජකවරයාගේ උපදෙස් පිළිපැදීමට සිදුවන්නේ දැයි තවත් කාන්තාවකා ප්‍රශ්න කර තිබුණි.
කාන්තාවන්ගේ අබායා ඇඳුම මුස්ලිම් විලාසිතා ලෝකයේ මෝස්‌තර ප්‍රදර්ශන සහ සඟරාවල ද ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනිමින් සිටී.
බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ හැරඩ්ස් සාප්පු සංකීර්ණය ඇතුළු ලොව පුරා ප්‍රධාන පෙළේ වෙළෙඳ මධ්‍යස්ථානවල ද අබායා ඇඳුම විලාසිතාවක් ලෙසින් විකිණීමට තබා තිබේ.
එහෙත් සෞදි අරාබියේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි අබායා ඇඳුම යනු ඉස්ලාම් දහම මගින් නියම කර තිබෙන ඇඳුමක් විනා විලාසිතාවක් නොවේ.