ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: කොන්ග්‍රස් සභිකයෙකුට තුවාල
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ බේස්බෝල් තරගයක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකදී ප්‍රධාන පෙළේ රිපබ්ලිකන් පක්ෂ නායකයෙකුට සහ ඔහුගේ ආධාරකරුවන්ට තුවාල සිදු වී ඇති බව පොලිසිය පවසයි.
වොෂින්ටනයේ ඇලෙක්සැන්ද්‍රියා ප්‍රදේශයේ ධනවතුන් වෙසෙන ප්‍රදේශයක එල්ල වූ වෙඩි ප්‍රහාර කිහිපයක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාවන ස්ටීව් ස්කැලිස් ට (Steve Scalise) වෙඩි වැදී තිබෙන නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බව විශ්වාස කෙරේ.
තුවක්කුකරු සමග වෙඩි හුවමාරුවක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් තුවාලකරුවන් අතර සිටින බවත් වාර්තාවල දැක්වේ.
වෙඩි හුවමාරුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවක්කුකරු ද ඒ අතර සිටින බව පොලිසිය පැවසීය.
බ්‍රහස්පතින්දා (ජුනි 15) පැවැත්වීමට නියමිත කොන්ග්‍රස් මණ්ඩලයේ වාර්ෂික බේස්බෝල් තරගය සඳහා කොන්ග්‍රස් සභිකයන් පුහුණුවෙමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කරන ලද බව ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.