ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ආරම්භ වෙයි
අද (ජූනි 08)පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්දය විමසීම් එක්සත් රාජධානියේ වේලාවෙන් මෙයින් ස්වල්ප වෙලාවකට පෙර උදෑසන හතට (7.00 AM) ආරම්භ විය.
මෙම මැතිවරණය ආරම්හ වුණේ ජිහාඩ් ප්‍රහාර දෙකකින් මැතිවරණ වැඩ පිළිවෙළ කෙරෙහි විශාල බලපෑමක් ඇති වීමෙන් අනතුරුවයි.
බලයේ සිටින අගමැතිනි තෙරේසා මේ (Theresa May) නියමිත කාලයට පෙර මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද අතර , මෙය වසර දෙකකට මඳක් වැඩි කාලයක් ඇතුළත බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වෙනි ඡන්ද විමසීමයි.
අද (08) මැතිවරණය සඳහා රට පුරා ආරක්ෂක විධි විධාන තරකර ඇති බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
ඇතැම් ප්‍රදේශවල සන්නද්ධ ආරක්ෂක භටයන් මුර සංචාරයේ නිරත කර ඇති බවත් බ්‍රිතාන්‍ය පොලිසිය නිවේදනය කරයි.
බ්‍රිතාන්‍ය වේලාවෙන් ජූනි අටවෙනිදා මධ්‍යම රාත්‍රිය ගෙවී ස්වල්ප වෙලාවකට පසුව පළමු ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශයට පත් කරනු ලැබීමට හැකි වනු ඇතැයි සැලකෙයි.