ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප්
ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාවේ බලපෑමක් පැවතියේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ විමර්ශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබ ඇත.
විමර්ශනය සඳහා රොබට් මුලර් නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය නීතිපතිවරයා කියා සිටියේ පොදු යහපත පිළිබඳ අවධානය යොමු කර ඒ සඳහා ට්‍රම්ප් පරිපාලනයෙන් බාහිර පුද්ගලයෙකු පත් කළ බවය.
තමන්ට සැඟවීමට යමක් නැති නම් ජනාධිපතිවරණය සඳහා රුසියාව අතපෙවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප් ඉඩ දිය යුතු බව ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ සාමාජිකාවක් පැවසීය.
සැකය දුරු කිරීමට
අදාළ චෝදනාව සැඟවීම සඳහා උත්සාහයක් තිබුණේ දැයි යන සැකය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් දුරු කර ගත හැකි වනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ කොංග්‍රස් සාමාජිකාවක වන නැන්සි පෙලෝසි කියා සිටී.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු FBI ප්‍රධානියෙකු පත් කර ඇතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ පවතින අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇය පෙන්වා දෙයි.
මේ අතර ධවල මන්දිරයේ පැවති හමුවක් අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් වෙත රාජ්‍ය රහස් හෙළි කළ බවට පළ වන වාර්තා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් යළිත් ප්‍රතික්ෂේප කළේය.