ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිබර් ප්‍රහාරයෙන් රටවල් අනූ නවයකට බලපෑම්
ලොව පුරා ආයතනවල පරිගණක පද්ධති වෙත එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරය සඳහා යොදා ගෙන ඇත්තේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency) විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් බව හෙළි වී තිබේ.
'Eternal Blue' ලෙස හඳුන්වන මෘදුකාංගය සොරකම් කොට අන්තර්ජාලයට මුදා හරින ලද බව පරිගණක පද්ධති වෙත රහසින් ඇතුළු වන 'Shadow Brokers' නමැති හැකරුන් කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේදී පවසා තිබිණි.
අදාළ මෘදුකාංගය හේතුවෙන් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුලු වැටී තිබූ අතර පරිගණකයක් යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් තුන්සීයක කප්පම් මුදලක් ඉල්ලනු ලැබීය.
සයිබර් ප්‍රහාරය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව රටවල් අනූ නවයක් වාර්තා කොට තිබිණි.
වැඩිම බලපෑම රුසියාවට
එක්සත් රාජධානිය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවල් ද ඒ අතර වේ.
ඉන් වැඩි වශයෙන්ම බලපෑම් එල්ල වී ඇත්තේ රුසියාවට බව විශ්වාස කෙරේ.
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයට (NHS) ද ඉන් බලපෑම් එල්ල විය.
ඒ සම්බන්ධයෙන් පවතින අනතුරුදායක තත්වය සලකා බලා මයික්‍රෝසොෆ්ට් ආයතනය ඊට පිළියමක් වශයෙන් පසුගිය මාර්තු මාසයේ දී මෘදුකාංගයක් හඳුන්වා දී තිබුණ ද බොහෝ පරිගණක පද්ධති යාවත්කාලීන කර නොතිබිණි.