ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයට එරෙහිව තායිවාන් සබ්මැරීන්
චීනයෙන් ආරක්ෂාවීම සඳහා සබ්මැරීන් අටක් නිර්මාණය කිරීමේ අභිප්‍රායක් ඇති බව තායිවානය පවසයි.
තායිවානය සබ්මැරීන් යාත්‍රා නිපදවීම සඳහා යොමු වූ පළමු අවස්ථාව මෙයයි.
අවි ගනුදෙනු අතින් තායිවානය ඇමෙරිකා එක්සත් ජනපදය මත යැපෙන ස්ථාවරයක පසු වූ අතර චීනයෙන් මතු වූ විරෝධය හමුවේ එම ගනුදෙනුවල අඩුවීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණි.
බේජිං පාලනයේ අවශ්‍යතාව වන්නේ තායිවානය චීනයේ කොටසක් වශයෙන් යළි ඊට එක්කර ගැනීමයි.
තායිවානය සතුව දැනටත් සබ්මැරීන් යාත්‍රා හතරක් ඇති අතර ඒවා ඉතාම පැරණි ඒවා වෙති.
එම යාත්‍රා හතරෙන් දෙකක් අමෙරිකා එක්සත් ජනපදයෙන් ද ඉතිරි දෙක නෙදර්ලන්තයෙන් ද මිළ දී ගෙන ඇත.
ඉන් ඇමෙරිකාවෙන් මිළට ගෙන ඇති යාත්‍රා දෙක දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ නිෂ්පාදනය කරන ලද ඒවා වෙති.