ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය හුදකලා සිරකුටියක
හිටපු දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේ හුදකලා සිරකුටියක් තුළ තම ප්‍රථම රාත්‍රිය ගත කළාය.
503 වැනි සිරකාරිය ලෙස දැන් හඳුන්වනු ලබන ඇය අල්ලස් ගැනීම සහ බලහත්කාරයෙන් පාලනයෙහි යෙදීම ඇතුළු චෝදනා දහතුනක් සඳහා පරීක්ෂාවට භාජනය වීමට නියමිතය.
දේශපාලනික වශයෙන් උපකාර ලබාගැනීම පිණිස ඇතැම් දකුණු කොරියානු සමාගම් වලට මුදල් අධාර ලබාදෙන ලෙස බලකිරීමට තම හිතවතිය හරහා කටයුතු කිරීම පිළිබඳව හිටපු ජනපතිනියට චෝදනා එල්ලවී ඇත.
බන්ධනාගාරයේදී දැන් ඇයට තමා අහාර ගැනීම සඳහා භාවිතා කළ පිඟන් කෝප්ප තමන්ට ම සෝදාගැනීමට සිදුවී තිබේ.
බන්ධනාගාර බලධාරීන් පවසන්නේ ආරක්ෂක හේතු මත අනෙකුත් රැඳවියන්ට ලබා දී ඇති කුටි වලට වඩා තරමක් විශාල කුටියක් හිටපු ජනාධිපතිනියට ලබාදී ඇති බවය.
හිටපු ජනාධිපතිනී පාර්ක් ට එරෙහිව ඉදිරිපත්වූ දුෂණ චෝදනා වලට සම්බන්ධ බවට සැලකෙන සැම්සුන් සමාගමේ හිටපු ප්‍රධානියාද රඳවා ඇත්තේ මෙම බන්ධනාගාරය තුළය.