මෙක්සිකෝ තාප්පයේ ඉදිකිරීම් ගැන ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

අසල්වැසි මෙක්සිකෝව සහ ඇමරිකාව අතර දේශ සීමාව ඔස්සේ ඉදි කිරීමට සැලසුම් කර ඇති තාපයේ වැඩකටයුතු නියමිත දිනට පෙර ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.

මේරිලන්ඩ්හි පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ සෑම විටම ඇමරිකානු පුරවැසියන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවය.

සැලසුම් කළ දිනට වඩා ඉක්මනින් තාප්පයේ වැඩ ආරම්භ කරන බව කී ජනාධිපති ට්‍රම්ප් එය "මහා දේශ සීමා ප්‍රාකාරයක්" වනු ඇති බව සඳහන් කළේය.

"නරක මිනිසුන් රටෙන් පිට කිරීම" සඳහා අවධානය යොමු කරන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුණි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ දේශීය ආරක්ෂක ලේකම් ජෝන් කෙලි මෙක්සිකෝ නියෝජිතයන් හමු වී සාකච්ඡා පැවැත්වූහ.

එම සාකච්ඡාවලින් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දේශ සීමාව ඔස්සේ ඉදිකිරීමට නියමිත තාප්පය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොවුණි.