ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ට බ්‍රිතාන්‍යයෙන් විරෝධයක්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහි පෙත්සමකට බ්‍රිතාන්‍ය වැසියන් දසලක්‍ෂයකට අධික පිරිසක් මේවනවිට අත්සන් තබා තිබේ.
ජනාධිපති ට්‍රම්ප් නිලසංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් පසුගියදා නිවේදනය කරනු ලැබුවේ ඇය එක්සත් ජනපදයේ සංචාරය කරන අතරතුරය.
එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් පැමිණීම නවතා දැමීම සඳහා ජනාධිපති ට්‍රම්ප් නියෝගකිරීමත් සමඟ ඉහතකී පෙත්සමට ලැබෙන අත්සන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.
මහ රැජින
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා ද ජනාධිපති ට්‍රම්ප්ගේ නිල සංචාරය අවලංගු කරන ලෙස බලවත් ඉල්ලීමක් කර තිබේ.
එම සංචාරයට එරෙහිව සැකැසුණු පෙත්සමේ සඳහන්වන්නේ එක්සත් ජනපදයේ රාජ්‍ය නායකයා වශයෙන් තම අභිමතය පරිදි පැමිණෙන්නේනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර දිය යුතු නමුත් නිල සංචාරයක් සඳහා ඔහුට ආරාධනා නොකළයුතු බවය.
නිල සංචාරයක් සඳහා ආරාධනයක් කිරීම තුළින් එක්සත් රාජධානියේ මහ රැජින දුෂ්කරතාවකට පත්විය හැකි බවද එම පෙත්සමේ සඳහන් වෙයි.