ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මරණයෙන් විසි වසරකට පසු ඩයනාගේ පිළිරුවක්
ඩයනා කුමරියගේ පිළිරුවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ඇයගේ දරුවන් දෙදෙනාවන විලියම් සහ හැරී කුමරු නිවේදනය කරති.
ඩයනා කුමරිය වාසය කළ කෙන්සිංටන් මාලිගය ඉදිරිපිට මෙම පිළිරුව ඉදිකිරීමට නියමිතය.
ඇයගේ මරණයෙන් විසි වසරකට පසු මෙම තීරණයට එළැඹෙමින් විලියම් සහ හැරී කුමරුන් කියා සිටියේ තම 'මවගෙන් ලොවට ඇතිවූ ධනාත්මක බලපෑම හඳුනාගැනීමට' කාලය පැමිණ ඇති බවය.
තම මවගේ පිළිරුවක් ස්ථාපනයකිරීම සඳහා සිය මුණුබුරන් ගෙන ඇති තීරණයට එලිසබත් මහ රැජිනගේ සම්පුර්ණ සහයෝගය ලැබීඇති බව බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඩයනා කුමරිය පැරිසියේ දී හදිසි මාර්ග අනතුරකින් මිය ගියේ 1997 වසරේදී ය.