ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිලිපීනයේත් ගුවන් ප්‍රහාර
පිලිපීන රජයේ හමුදා ගිනිකොන දිග ආසියාවේ ත්‍රස්තක්‍රියා පිලිබඳ වඩාත්ම නමගිය සැකකරු සහ ඔහුගේ අනුගාමිකයන් ඉලක්ක කරමින් ගොඩබිමින් සහ ගුවනින් දැඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත.
පිලිපීන බලධාරීන් පවසන්නේ සියගණනක් හමුදාව ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් නායක ඉස්නිලොන් හැපිලොන් ලුහුබඳිමින් සිටින බවය.
පිලිපීනයේ දකුණු දිග ප්‍රාන්තයක් ලැනාඕ ඩෙල්සර් හිදී මෙම මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින බව වාර්තාවේ.
පිලිපීනය තුළ සිටින ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ නායකයා ඉස්නිලොන් හැපිලොන් බවට පිලිපීන හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කෙරිණි.
ඉස්නිලොන් හැපිලොන් තම සංවිධානය සඳහා වඩාත් පුළුල් ප්‍රදේශයක් සොයාගැනීම සඳහා ලැනාඕ ඩෙල්සර් ප්‍රදේශයට ගොස් ඇති බවට විශ්වාස කෙරේ.