වොෂිංටන්: ට්‍රම්ප් විරෝධී කාන්තා පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක්

වීඩියෝ ශීර්ෂ වැකිය, වොෂිංටන් නුවර පැවති ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ

ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව වොෂිංටනයේ පැවැත්වෙන කාන්තා පා ගමනට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් රැස් වෙමින් සිටිති.

ජනාධිපති ට්‍රම්ප්ට විරෝධය පළ කොට ලොව පුරා එවැනි පා ගමන් හයසීයක් පමණ පැවැත්වීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පාලනය යටතේ කාන්තා අයිතිවාසිකම්වලට බලපෑම් එල්ල වනු ඇතැයි යන්න උද්ඝෝෂකයන්ගේ විශ්වාසය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

අද (ජන.21) බහු ආගමික වැඩසටහනකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් පස්වරුවේ ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවා (CIA) මූලස්ථානයේ සංචාරයක නිරත වීමට නියමිතය.