ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිබර් ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව ඔබාමා පවසයි
නොවැම්බර් මාසයේ ඇමරිකාවේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් සිදුවී යැයි කියන රුසියානු සයිබර් ප්‍රහාර පිලිබඳ ප්‍රතිචාර දක්වන බව ජනාධිපති බරක් ඔබාමා පවසයි.
ඇමරිකානු ගුවන්විදුලිසේවයක සාකච්ඡාවකට එක්වෙමින් ඔබාමා පැවසුවේ රුසියාවේ ක්‍රියාව සඳහා පිළිතුරුදීම සුදුසු මොහොතක සුදුසු ස්ථානයකදී සිදුවනු ඇති බවය.
රුසියානු සයිබර් ප්‍රහාර වල අරමුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළකිරීම සඳහා යැයි ජනාධිපති ඔබාමා නොපැවසූ නමුත් එම ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට වඩා හිලරිගේ ඡන්ද ව්‍යාපාරයට ගැටළු ඇතිවූ බව ප්‍රකාශ කළේය.
රුසියානු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෙකු උපුටාදක්වන TASS ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ චීනයේ පැවති G20 සමුළුවේදී හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපති පුතින් විසින් අදාළ චෝදනා පිලිබඳ පැහැදිලි පිළිතුරක් ඇමරිකානු ජනාධිපති ඔබාමා වෙත ලබාදී ඇති බවය.
මීට පෙර මොස්කව් පාලනය ඇමරිකාවෙන් කෙරෙන සයිබර් ප්‍රහාර චෝදනාව ප්‍රතික්‍ෂේප කළේ එය 'සිනහ උපදවන, තේරුමක් නැති කතාවක්' බව පවසමිනි.