ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංක්‍රාන්ති ලිංගිකයන්ට 'රැකියා කෝටාවක්'
උපතින් ලද ලිංගිකත්වය පසුකාලීනව සිය කැමැත්තෙන් වෙනස්කරගත් උදවිය වෙනුවෙන් රජයේ රැකියා ප්‍රමාණයෙන් සියයට තුනක් වෙන් කළයුතු බව ඉන්දීය ඇමතිවරයෙක් යෝජනා කරයි.
ඉන්දියාවේ සමාජ සාධාරණත්වය පිළිබඳ අමාත්‍ය රාම්දාස් අතාවාලේ කියාසිටියේ සංක්‍රාන්ති ලිංගිකයන් (transgender) ලෙසින් හැඳින්වෙන මෙම ප්‍රජාව තවදුරටත් සමාජයෙන් කොන්කර තැබිය නොහැකි බවය.
රජයේ රැකියා ප්‍රමාණයෙන් සියයට තුනක් සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් වෙන්කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට තමා බලාපොරොත්තුවන බව රාම්දාස් ඇමතිවරයා බීබීසීයට ප්‍රකාශ කළේය.
ඉන්දීය මුළු ජනගහනය බිලියන 1.2කට ආසන්නවන අතර ඉන් ලක්ෂ පහක පමණ පිරිසක් සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගෙන (transgender) ජීවත් වෙති.
ඔවුන් වෙනුවෙන් රජයේ රැකියා කෝටාවක් වෙන්කිරීමේ යෝජනාවට ඉන්දියාවේ කුල පීඩිතයන් වෙනුවෙන් පවතින ජාතික කොමිසම සිය විරෝධතාව ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පවසන්නේ කුල පීඩිතයන් වෙනුවෙන් පවතින රජයේ රැකියා ප්‍රතිශතයට ඉන් හානි පමුණුවන බවය.