නවසීලන්තයේ සුනාමියක්

නවසීලන්තයේ දකුණු දූපතේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් ඊසාන දිග මුහුදු තීරයේ සුනාමි තත්වයක් හට ගත්තේය.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ මෙම භූමිකම්පාව ඇති වූයේ ඉරිදා (නොවැ. 13) මධ්‍යම රාත්‍රියේය.

නමුත් පළමු සුනාමි රළ පහර වෙරළට ළඟාවී ඇත්තේ භූ චලනය සිදුවී දෙපැයකට පසුවය.

මැග්නිටියුඩ් හතයි දශම හතරක භූ චලනයක් වාර්තා වී ඇති අතර එය නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී තිබේ.

වෙලිංටන් අගනුවර ජනතාව සිය නිවෙස් අතහැර උස් බිම් කරා ගොස් තාවකාලිකව රැඳී සිටිති.

2011 වසරේ දී ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ සිදු වූ භූමිකම්පාවෙන් එකසිය අසූපස් දෙනෙකු මරණයට පත් විය.