හිට්ලර්ගේ රහසිගත බංකරය

දෙවන ලෝක මහා යුද්ධයේ අවසන් අදියරේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් රැඳී සිටි ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන භූගත බංකරයේ ආකෘතියක් බර්ලින් නගරයෙහි ප්‍රදර්ශනය කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන ලෝක මහා යුද්ධයේ අවසන් අදියරේදී නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් රැඳී සිටි ගුවන් ප්‍රහාරවලට ඔරොත්තු දෙන භූගත බංකරයේ ආකෘතියක් බර්ලින් නගරයෙහි ප්‍රදර්ශනය කෙරෙයි. හිට්ලර් සිය අවසන් දිනකීපය එවැනි බංකරයක් තුළයි ගත කළේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, හිට්ලර්ගේ කාමරය සහ කාර්යාලයේ ආකෘතියක් නිර්මාණය කොට ඇති අතර, එහි තබා ඇති ගෘහ භාණ්ඩ මුල් බංකරයේ තිබුණු ඒවා නොවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ ජයාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ, හිට්ලර් සිය බංකරය තුළ භාවිතා කළ කාර්යාල මේසයයි. බංකරයෙන් එපිට යුද ගිනිදැල් ඇවිලෙද්දී හිට්ලර් ඔහුගේ සමීප සගයන් සමග මෙම බංකරය තුළයි කොටු වී සිටියේ. හිට්ලර් සිය අවසන් හෝරාවේ ඊවා බ්‍රෝන්ව විවාහ කර ගන්නා ලද්දේ මෙම බංකරය තුළදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ සේයාරුව, 1945 වසරේ අප්‍රේල් තිස් වැනි දින හිට්ලර් සිය දිවි හානි කර ගැනීමට පෙර ගත් අවසාන නිල ඡායාරූප ලෙස විශ්වාස කෙරෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, හිට්ලර් රැඳී සිටි බංකරය කාමර තිහකින් යුක්ත විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1945 වසරේ හිට්ලර්ගේ බංකරයේ කතාව මෙම ඡායාරූප මගින් කියැවෙන අතර සෝවියට් රතු හමුදා බංකරයට පිවිසෙන අයුරුත් එහි දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1945 වසරේ හිට්ලර් සිය දිවි හානිකර ගැනීමෙන් පසුව, ඇමෙරිකානු භටයෙක් බංකරය අභ්‍යන්තරයේ සිටින ආකාරය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයෙන් දැවෙන බර්ලිනයේ හිට්ලර් වෙනුවෙන් ඉදිකෙරුණු තාවකාලික සොහොන අසල රැඳී සිටින සෝවියට් රතු හමුදා සෙබළුන්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1959 වසරේ දී නැගෙනහිර කොමියුනිස්ට් ජර්මනිය හිට්ලර්ගේ බංකරයේ සුන්බුන් ඉවත් කරුණු ලැබුණි. බංකරය පිහිටි ස්ථානය හඳුනාගත හැකි පරිදි සලකුණු යොදා තිබේ.