ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව 'වයස්ගතම' පැන්ඩා මිය යයි
සත්ත්වෝද්‍යාන තුළ රඳවා සිටින පැන්ඩාවුන් අතුරින් වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන 'ජියා ජියා' නමැති පැන්ඩා හොංකොං නුවර සත්ත්වෝද්‍යානයකදී මිය යයි.
මිය යන විට ඇයගේ වයස අවුරුදු තිස් අටකි.
පසුගිය සති කීපය ඇතුළත ඇයගේ ශරීර සෞඛ්‍යය ඉතා ශීඝ්‍රයෙන් පිරිහුණු බවත් කෑම රුචිය හීන වී ගිය බවත් සත්ත්වෝද්‍යාන බලධාරීහු පවසති.
ජියා ජියාගේ නිවහන වූ හොංකොංහි පිහිටි 'Ocean Park' සත්ත්වෝද්‍යානය විසින් ගිය වසරේ පැවති ඇයගේ තිස් හත් වන උපන්දිනය මහත් ඉහළින් සමරනු ලැබිණි.
වනයේ වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විස්සක් පමණ වන අතර ගෘහස්ථව වෙසෙන පැන්ඩාවුන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර විසි පහක් පමණ වේ.