භුමිපාල් අතුලතේජ්: සමරු සේයා රූ සටහන්

තායිලන්ත ජනතාව අතර ගරු බුහුමන් ලබමින්, වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා දිවියෙන් සමු ගන්නා විට අසූ අට වෙනි වියේ පසු විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, තම අධ්‍යාපන කටයුතු සඳහා ස්විස්ටර්ලන්තය ලන්තයට නැවත ගොස් සිටියදී පැරීසියේ කළ සංචාරයක දී භුමිපාල් රජුට තම අනාගත බිරිඳ මුණ ගැසුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, දේශපාලන අධිකාරියට ඉහලින් පෙනී සිටි පීතෘවරයෙකු බඳු චරිතයක් හිමිව සිටි භුමිපාල් අතුලතේජ් රජතුමා දේශපාලන කැළඹීම් සහිත අවස්ථාවන් වල දී ඒවාට මැදිහත්වී කටයුතු කළේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ භුමිපාල් අතුලතේජ් රජතුමා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතීන් සමග භුමිපාල් අතුලතේජ් රජතුමා

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සංගීතයට ලැදිකමක් දැක්වූ ඔහු කණ්ඩායම් නායක බෙනි ගුඩ්මාන් සමග

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිලන්ත ව්‍යවස්ථාවට අනුව රාජ්‍යත්වයට හිමිවන්නේ සීමිත බලයක් වුවද බොහෝ තායි ජාතිකයන් අතර ඔහු දේවත්වයෙන් පිදුම් ලැබීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය පාලනයෙන් තායිලන්තය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව සිටි එතුමන්ගේ පාලන කාලය තුළ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, භුමිපාල් බිලිඳා උපත ලැබුවේ ඔහුගේ පියා වූ මහිපාල් අතුලතේජ් කුමරු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදීය .

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භුමිපාල් කුමරුගේ පියාගේ මරණින් පසු මව ස්විස්ටර්ලන්තයට ගිය අතර කුමරු අධ්‍යාපනය ලැබුවේ එහිදීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, තායි වැසියෝ සිය රජතුමාට අවසන් ගෞරවය දැක්වීම සඳහා නිහඬව සහ සන්සුන්ව දේහය ගෙන ගිය මාර්ගය දෙපස එක්රැස්ව සිටියහ.