ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය යොෂිනෝරිට
2016 වෛද්‍ය විද්‍යාව සහ කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔසුමිට (Yoshinori Ohsumi) හිමි විය.
මිනිස් සිරුරේ සෛල ප්‍රතිචක්‍රීකරණය සහ අවක්‍රමණය (autophagy) පිළිබඳ සිදු කරනු ලැබූ අධ්‍යනයක් වෙනුවෙනුයි සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට නොබෙල් ත්‍යාගය හිමි වී තිබෙන්නේ.
ස්ටොක්හෝම් අගනුවර නොබෙල් කමිටුව ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ සෛල ජෛවවිද්‍යාඥ යොෂිනෝරිගේ අධ්‍යනය තුළින් මිනිස් සිරුරේ සෛල විකෘති වීම් සිදු වන ආකාරය සහ පාකින්සන්, දියවැඩියාව, පිළිකා සහ ස්නායු මූලික රෝග වැළඳීමේ දී සෛල ආසාධනය වන අයුරු අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.
පසුගිය වසරේ වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේ මැලේරියාව ඇතුළු නිවර්තන කලාපීය වසංගත රෝග කිහිපයකට වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට සමත් වූ විද්‍යාඥයන් තිදෙනෙකුගේ කණ්ඩායමක් විසිනි.