ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බ්‍රිතාන්‍යය ඉවත්වීම යුරෝපය දුර්වල කිරීමක්'
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම හේතුවෙන් යුරෝපය දුර්වල වී ඇති බව රුසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා පවසයි.
ජුනි මස පැවති ජනමත විචාරණය හේතුවෙන් අවිනිශ්චිතතා ඇතිවී ඇති බවයි බීබීසීය සමග අදහස් දක්වමින් අර්කාදී ද්වොර්කොවිච් කියා සිටියේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පළකරමින් යුරෝපයේ එකමුතුභාවයට හානි පැමිණවීමට රුසියානු ජනාධිපති ව්ලදමීර් පූතින් ට අවශ්‍ය නොවූ බව සඳහන් කළ ඔහු පැවසුවේ රුසියාවට ශක්තිමත් පාර්ශව කරුවන් අවශ්‍ය බවයි.
බ්‍රිතානය අවසානයේ ඉවත්වීයාම හේතුවෙන් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක වල විශාල වෙනසක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග යුරෝපා සංගමය රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතුකළේය.