කස්ත්‍රෝට 90 යි, තෑග්ග මීටර් අනූවක සුරුට්ටුවක්

කියුබාවේ නමගිය සුරුට්ටු නිෂ්පාදකයෙකු විසින් ෆිදෙල් කස්ත්‍රෝ ගේ උපන් දිනය වෙනුවෙන් මීටර් 90 ක් දිග සුරුට්ටුවක් නිර්මාණය කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, රතු කමිසය ඇඳ සිටින ජෝස් කැස්ටෙලර් කැස්ත්‍රෝ වෙනුවෙන් මේ ලොව දිගම සුරුට්ටුව නිර්මාණය කළේය

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මීටර් 90 ක් දිග සුරුට්ටුව නිර්මාණය කිරීම සඳහා විශාල පිරිසකගේ සහයෝගයෙන් දින දහයක් තිස්සේ සිදුකෙරිණි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සුරුට්ටුව තැනීමට යොදා ගත්තේ හවානා වරාය අසල ඇති අධිරාජ්‍යවාදී පාලන සමයට අයත් පැරණි ගොඩනැගිල්ලකි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමාන්‍ය සුරුට්ටුවක ඝණකමින් යුතු මේ සුරුට්ටුව තැනීම සඳහා ජෝස් කැස්ටෙලර් සහ ඔහුගේ සහායකයන් දිනකට පැය 12 බැගින් දින දහයක් ගත කළහ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල නිලධාරියෙකු ගිනස් ලෝක වාර්තා පොතට යැවීම සඳහා සුරුට්ටුව මනින ආකාරය