ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාබුල් ප්‍රහාරය 'යුද අපරාධයක්'
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙළපාලියකට සෙනසුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත් සංඛ්‍යාව අසූව දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දෙසීය තිහක්.
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ 'යුද අපරාධයක්' ලෙසයි.
මරුමුවට පත් වූ පිරිස් සිහි කොට ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ ප්‍රධානත්වයෙන් යාච්ඤා කටයුතු සිදු කෙරිණ.
දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි ඇෆ්ගනිස්තාන බලධාරීන් කියා සිටියේ.
අතුරුදහන් වී සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරක් දැන ගැනීම පිණිස ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රෝහල් සහ මෘත ශරීරාගාර වෙත පැමිණෙමින් සිටිති.
ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක් බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය විය.
දැඩි මතධාරී සුන්නි කැරලිකරුවන්ගෙන් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.