ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඝාතන වැඩිම දශක දෙක හමාරක්
දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ගැටුම් වලට මැදි වීමෙන් මරණයට පත් වෙන ජන සංඛ්‍යාව පසුගිය වසර විසි පහක කාලය ඇතුළත කිසිදාක නොවූ මට්ටමින් වැඩි වී ඇති බව නව සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
එම මරණවලින් වැඩි හරියක් මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් වාර්තා වී ඇති බවයි එම වාර්තාව පවසන්නේ.
එම කරුණු අනාවරණය කරනු ලැබ තිබෙන්නේ ජගත් සාම දර්ශකයේ 2016 වාර්ෂික වාර්තාව මගිනි.
අද ලෝකයේ ගැටුම් බහුලම රාජ්‍යය හැටියට එම වාර්තාව දක්වන්නේ සිරියාවයි.
දකුණු සුඩානය ඉරාකය ඇෆ්ඝනිස්තානය සහ සෝමාලියාව යන රටවල් ගැටුම් වලින් වැඩි ජනකායක් මරා දැමෙන සෙසු රාජ්‍යයන් හැටියට ඉහත කී වාර්තාවේ දැක්වෙයි.
ත්‍රස්ත ක්‍රියාවන් ද කිසිදාක නොවූ මට්ටමින් ඉහළ ගොස් ඇති බව පවසන ජගත් සාම දර්ශකයේ 2016 වාර්ෂික වාර්තාව ඒ සම්බන්ධයෙන් රටවල් පහක් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
සිරියාව ඉරාකය නයිජීරියාව ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය එම රටවල් පහයි.
ජගත් සාම දර්ශකයේ 2016 වාර්ෂික වාර්තාව ඉහත කී නිගමන වලට එළඹීමේ දී ඒ ඒ රටවලින් වාර්තා වෙන ප්‍රචණ්ඩ ක්‍රියා එම රටවල යුදමය නැඹුරුව සහ අවි ආයුධ ආනයනය ආදී කරුණු 21 ක් මිනුම් දඬු වශයෙන් භාවිතා කරනු ලැබ ඇත.