ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇෆ්ගනිස්තාන තාලිබාන් නායකත්වයට මව්ලාවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා
ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරා දැමුණු ඇෆ්ගනිස්තාන තාලිබාන් නායකයාව සිටි මුල්ලාහ් මන්සූර් ගේ මරණයෙන් හිස්වූ තනතුරට නව නායකයෙක් පත්කරගත් බව ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.
පළමුවරට ප්‍රකාශණයක් මගින් මන්සූර් ගේ මරණය සිදුවූ බව පිළිගෙන ඇති එම සංවිධානය මව්ලාවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා මීළඟ නායකයා ලෙස නම් කොට තිබේ.
නව නායකයා විසින් කිනම් දිශාවකට තම අනුගාමිකයන් රැගෙන යන්නේදැයි කීමට නොහැකි වුවද විමර්ශකයන් පවසන්නේ නව නායක හයිබතුල්ලා මතභේදයකින් තොරව පත්කරගෙන ඇති බවයි.
පසුගිය වසරේ මෙම කණ්ඩායමේ ආරම්භක නායකයාව සිටි මුල්ලා මොහොමඩ් ඔමාර් වෙනුවට මුල්ලාහ් මන්සූර් පත්වීමත් සමග තාලිබාන් සංවිධානය තුළ දැඩි කැළඹීමක් ඇතිවිය.
පසුගිය සෙනසුරාදා මන්සූර් මරා දැමුණේ ඔහු තම මෝටර් රථයෙන් පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ යමින් සිටියදී ඇමරිකානු හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්.
මන්සූර් ගේ පාලන කාලය තුළ ඇෆ්ගනිස්ථාන තලිබාන් කණ්ඩායම සාම සකච්ඡා වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතර ප්‍රහාර එල්ල කිරීම ඉතා දරුණු අන්දමින් කරගෙන ගියේය.
ඇෆ්ගන් තාලිබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයන්ගෙන් කෙනෙකු වූ මව්ලාවි හයිබතුල්ලාහ් අක්හුන්ද්සාදා ආගමික අධ්‍යපනවේදියෙක් වන අතර තාලිබාන් අධිකරණයේ හිටපු නායකයායි.