ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිස්තෝලයක් සමග 'සෙල්ෆියක්' ගැනීමට යද්දී හිසට වෙඩි වදියි
උතුරු ඉන්දියාවේ නව යොවුන් වියේ ළමයෙකු තම පියාගේ පිස්තොලයත් සමග 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට යාමේදී හිසට වෙඩි වැදී රෝහල් ගත කර තිබේ.
15 වියැති පිරිමි ළමයා ගේ තත්වය බරපතල නොවන අතර පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
සිකුරාදා සවස අනතුර සිදුවී ඇත්තේ මෙම පාසල් සිසුවා තම පියාගේ බලපත්‍රය සහිත නීත්‍යනුකූල 'රිවෝල්වරය' ගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
පෙබරවාරි මාසයේ චෙන්නායි නගරයේ දී තවත් නව යොවුන් වියේ ළමයෙකු දුම්රියේ ගැටී මිය ගියේ ඉදිරියට පැමිණෙමින් තිබු දුම්රියක් සමග 'සෙල්ෆි' ඡායාරූපයක් ගැනීමට යද්දීය.
වාර්තාවලට අනුව 2015 වසරේ දී ලොව පුරා වාර්තා වී ඇති 'සෙල්ෆි' ඡායාරූප සම්බන්ධ මරණ 27 කින් අඩක්ම සිදුවී ඇත්තේ ඉන්දියාවේදීය.