ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධය අතරතුර උණුසුම් තත්ත්වයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිට විරෝධය අතරතුර උණුසුම් තත්ත්වයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ ගල්වල සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (නොවැම්බර් 15) කොළඹදී පැවති විරෝධතාවය අතරතුර පොලීසිය සහ ඊට සහභාගී වූ පිරිස අතර උණුසුම් තත්ත්වයක් දක්නට ලැබිණි.

අදහස් පළ කිරීමේදී 'මෙගා ෆෝන්' භාවිත කිරීමට පොලීසිය ඉඩ ලබා නොදීමත් සමග එම තත්ත්වය දක්නට ලැබිණි.

සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු එම අවස්ථාවට සහභාගී වූහ.

රජයේ මර්දනයට එරෙහිව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා සංගමයට සහ තානාපති කාර්යාල වෙත ලිපි භාර දීමක් ද අද සිදු කරන ලදී.