ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මැණිකේ මගේ හිතේ'; දේශපාලනයට නොඑන බව යොහානි කියයි
දේශපාලනලයට පිවිසීමේ සුදානමක් නැතැයි ලොවපුරා දැඩි කතාබහකට ලක්වූ නව පරපුරේ ගායිකාවක වන යොහානි පවසන්නීය.
ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගී වූ ඇය අඟහරුවාදා (ඔත්තෝම්බර් 11) යළි ශ්‍රී ලංකාවට පැමිණියාය.
''මම දිල්ලි, හයිද්‍රාබාත් සහ මුම්බායිවල වැඩ ගොඩක් කළා. ඒවා ඉදිරියේදී ඔබට දකින්න පුළුවන්. මට ඉන්දියාවේදී ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.'' යනුවෙන් යෝහානි පැවසුවාය.
"ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලවලින් කරලා තියෙන්නේ. ඒකේ ගොඩක් කටයුතු ඉවරයි දැන් වෙනකොට. ඒ වුණාට තව ටිකක් තියෙනවා ඒවා ලංකාවේ ඇතුළේම කරනවා."
මේ වන විට 'මැණිකේ මගේ හිතේ'' යොහානි ප්‍රති නිර්මාණය කළ ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 151 ඉක්මවා ගොස් ඇත.