ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවෙන් ලෝකයට ගිය ''මැණිකේ මගේ හිතේ" ගැන කතා කරන යොහානි සහ ගීයේ මුල් අයිතිකරුවන්
''මැණිකේ මගේ හිතේ'' ගීතය හරහා ශ්‍රී ලංකාවේ නම සහ සිංහල භාෂාව ගැන ලොවපුරා අවධානය යොමුවීම ගැන සතුටට පත්වෙන බව නව පරපුරේ ගායිකාවක වන යොහානි බීබීසී සිංහල සේවයට පැවසුවාය.
එම ගීතය Youtube හරහා මිලියන 70කට අධික පිරිසක් දැනටමත් නරඹා තිබේ. දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් එම ගීතය ගායනා කර බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වෙත විඩියෝ පට මුදා හැර ඇත. ඉන් බහුතරය ඉන්දියානුවන්ය.
මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ.
සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතුය.
මේ ගැනත් කියවන්න: