පෝදා පන්සල් ගිය ඇමරිකානු නාවික භටයෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, පෝයදා පන්සල් ගිය ඇමරිකානු නාවික හමුදාව

පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සදහා මෙරටට පැමිණ සිටින පැසිෆික් නාවික බලඇණියට අයත් එක්සත් ජනපද නාවික හමුදා සෙබළ සෙබළියන් පිරිසක් අද (මාර්තු 12) පසළොස්වක පෝය දිනයේ, අම්බලන්තොට වාඳුරුප්ප සුනන්දාරාමයට ගොස් පූජාමය හා දානමය පින්කමකට සහභාගී වූහ.

පෝදින පින්කම් මාලා වැඩසටහනට සහභාගි වූ ඇමෙරිකානු නාවික හමුදා සාමාජිකයෝ එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දානය පිරිනැමීමෙන් අනතුරුව සුනන්දාරාමයේ විහාරාධිපති මාලිගාතැන්නේ ධම්මකීර්ති හිමියන්ගෙන් ආශීර්වාද ලබා ගත්හ.

එක්සත් ජනපද - පැසිෆික් නාවික බල ඇණිය රැගත් නෞකාව පසුගිය හත්වැනිදා (මාර්තු 07) හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට පැමිණියේය.

ඇමරිකානු නාවික හමුදාව

පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවරක් සඳහා මෙම නෞකාව ආසියානු කලාපයේ රටකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා හම්බන්තොට කලාපයේ ප්‍රාදේශීය සංවිධාන සමග එක්ව කටයුතු කරන ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රජා සෞඛ්‍ය සායන, පාසල් හා රෝහල් පිළිසකර කිරීම්, වෛද්‍ය සහ ව්‍යසන වලදී ක්‍රියාත්මකවන්නන් හා අදහස් හුවමාරු කරගැනීම, සාමය හා ආරක්ෂාව පිළිබඳ කරුණුවල දී කාන්තා භූමිකාව ප්‍රවර්ධනය කිරීමේ සම්මන්ත්‍රණ ආදී වැඩ සටහන් රාශියක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය තුළ සිදුකරමින් සිටිති.

ඇමරිකානු නවිඉක හමුදාව

එක්සත් ජනපද නාවික සිවිල් ඉංජිනේරුවන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අම්බලන්තොට ප්‍රාදේශීය රෝහල, වෛශාක්‍ය මහිලා පෙර පාසල, ශ්‍රී ගුණානන්ද පෙර පාසල හා මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන ගණනාවක් ඇතුළු ස්ථාන රැසක ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරති.