රටක් හඬවමින් සමුගන්නා මහා පඬිවරයා

මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි ... (අමරදේවයන්ගේ දිවි සැරියේ සේයා රූ)

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් 1927 දී මොරටුවෙන් මෙලොව දිනූ අමරදේවයන් රසික සවන දිනන මියුරු හඬත්, සත් සරත් මෙහෙයට ගත්තේ පැටි වියේදී

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්සලේත් පල්ලියේත් ගායන වෘන්ද බාලේදී එකවර ගායනයෙන් හැඩ කළ ඔහු ගැයුම් හා වැයුම් සඳහා ඒ සමයේ දේශීය සම්මාන ගණනාවක්ම අත් කොට ගත්තෙක්

ඡායාරූප මූලාශ්‍රය, AMARADEVA FOUNDATION

ඡායාරූප ශීර්ෂ වැකිය, පනහේ දශකය මුලදී ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයේ හින්දුස්තානි සංගීත අධ්‍යයනයට යැවුණු තරුණ සංගීතඥයා පෙරළා පැමිණියේ හෙළ ගායනය නව නාදාවලියක රැඳවීමේ පුරෝගාමියකු ලෙසින්

ඡායාරූප මූලාශ්‍රය, AMARADEVA FOUNDATION

ඡායාරූප ශීර්ෂ වැකිය, මඩවල එස් රත්නායකයන්ගේ මින්දද හී සර ගීතයේ ‘කන්ද කපා පායාපන් පුන් සඳ’ යන පද වැල අමරදේවයන් අතට පත් වූ විට ‘කන්ද කපා පායන් රන් පුන් සඳ’ බවට පත් වුණි.‘පායාපන් පුන් සඳ’ කියද්දී හල් නයනු දෙකකි. ‘පායන් රන් පුන් සඳ’ කියද්දී හල් නයනු තුනකි. ඉන් නැගෙන සියුම් මධුර බව හඳුනා ගන්නට තරම් වූ භාෂා ඥානයක් අමරදේවයන් සතු විය

ඡායාරූප මූලාශ්‍රය, AMARADEVA FOUNDATION

ඡායාරූප ශීර්ෂ වැකිය, අමරදේවයන් රටක ජනසමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙකි. ඔහු තමා ප්‍රගුණ කළ ගීතය සහ කවිය අතර වෙනස තේරුම් ගත් කවියා සහ ගායකයාද වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AMARADEVA FOUNDATION

ඡායාරූප ශීර්ෂ වැකිය, අමරදේවයන්ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වයලීනයයි

ඡායාරූප මූලාශ්‍රය, AMARADEVA FOUNDATION

ඡායාරූප ශීර්ෂ වැකිය, අමරදේව අහිමි වුනේ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව ඔහු අහිමි වුනේ භාෂා ප්‍රභේදයෙන් තොරව මියැසි රස සොයන සමස්ත ලෝකයටයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහු අපෙන් සමුගෙන ගියේ ලෝකයට මිනිසකුගෙන් ඉටුවිය යුතු මහා මෙහෙයක් සාධනීය කරමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, අඩසිය වසක් ඉක්මවූ යුගයක සුභාවිත ගීතයේත් ව්‍යවහාරික සංගීතයේත් පෑ පෙළහර වෙනුවෙන් දෙස් විදෙස් බුහුමනින් පුද ලද පණ්ඩිත් අමරදේවයන් සමුගෙන යන්නේ රටක් හඬවමිනි