කාලගුණ ව්‍යසනය පැරදවූ මිනිසත්කම

දින කීපයක සිට ශ්‍රී ලංකාව පුරා පවතින අධික වර්ෂාව සහ නාය යෑම් හේතුවෙන් පස් දෙනකු අතුරුදහන් වී එකොළොස් දෙනක් මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, SLAF MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, තබ්බෝව ජලාශය පීටර ගැලීම හේතුවෙන් තබ්බෝව අංක එක ගම්මානයේ පුද්ගලයන් දෙසියයකට අසන්න පිරිසක් ජලයෙන් කොයුව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් . එච් .එම. චිත්‍රානන්ද පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, SLAF MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, අද පෙරවරුවේ සිට ගංවතුරෙන් කොටුව සිටින ජනතාව මුදා ගැනීම සදහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මෙහෙයුමක් සිදු කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, SLAF MEDIA

ඡායාරූප ශීර්ෂ වැකිය, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් තබ්බෝව ගම්මානයේ බේරා ගැනීමේ මෙහෙයුම් ඉතා අසීරු වූ බවයි පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගංගා ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ එක් ලක්ෂ තිස් හතරදහසකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති බවයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, කඩුගන්නාව වට්ටටප්පොළ අලඳුවත්ත ග්‍රාමයේ සිදු වූ නාය යෑමකින් ඥාති පවුල් දෙකකට අයත් මව්වරු දෙදෙනකු හා ඔවුන්ගේ දරුවන් සිව්දෙනා ඔවුන් පදිංචි නිවාසද සමඟ පස් කන්දට යට වී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජල ගැලීම් වාර්තා වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, අඟහරුවාදා උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නාය යාමකට හසු වූ පුද්ගලයන් හය දෙනෙකුගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI

ඡායාරූප ශීර්ෂ වැකිය, අවපීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් පිටතට ගමන් කරමින් තිබෙන බවයි මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI

ඡායාරූප ශීර්ෂ වැකිය, පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩු වනු ඇති නමුත් තද සුළං තත්ත්වය දින කිහිපයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් වේ.