පාපන්දු පිටියත් කඳුලින් සේදෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාපන්දු පිටියත් කඳුලින් සේදෙයි

ගුවන් අනතුරින් මරණයට පත් වූ පාපන්දු ක්‍රීඩකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීහු බ්‍රසීලයේ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩාංගණයට රැස් වූහ.

ක්‍රීඩකයන්ගේ මෘත ශරීර රැගත් අවමංගල්‍ය පෙරහැර ෂෙපෙකෝ නගරය හරහා පැමිණ ක්‍රීඩාංගණය වෙත ළඟා විය.

කොලොම්බියාවේ මැඩලීන් නගරය ආසන්නයේ සිදු වූ ගුවන් අනතුරින් එහි ගමන්ගත් හැත්තෑ එක් දෙනෙකු මරුමුවට පත් වූ අතර හය දෙනෙකු පමණක් දිවි බේරා ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Rex Features

අනතුරට හේතුව පැහැදිලි නොමැති නමුත් අනතුර සිදු වීමට මොහොතකට පෙර යානයේ ඉන්ධන අවසන් වී ඇති බව වාර්තා පෙන්වා දෙයි.

ක්‍රීඩාංගණයේ පැවති අනුස්මරණ උළෙලට බ්‍රසීල ජනාධිපතිවරයා ද සහභාගී විය.