ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ෂී ජින්පිං චීනයේ ජනාධිපති ලෙස ඓතිහාසික තෙවන ධුර කාලය ආරම්භ කරයි
චීන නායක ෂී ජින් පිං තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වී තිබේ.
ඒ, රබර් මුද්‍රාවක් වැනි එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගනිමින් ය.
හැටනව හැවිරිදි ෂී ජින්පිං චීනයේ ප්‍රමුඛතම නායකයා ලෙස බලය තහවුරු කර ගැනීමක් මෙමගින් පෙන්නුම් කරයි.
චීන පාලන ක්‍රමය තුළ ජනාධිපතිවරයාගේ කාර්යයන් බොහෝ දුරට චාරිත්‍රානුකූල වේ.
ජනාධිපති ෂී ජින්පිං ට බලය ලැබෙන්නේ ඔහු කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා වීමෙනි.
ඔහු තුන්වන ධුර කාලය සඳහාත් ජනාධිපති ලෙස තහවුරු කිරීම බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. ඉදිරි දිනවලදී නව අගමැතිවරයෙකු සහ විවිධ ඇමතිවරුන් නම් කිරීම වඩාත් වැදගත් ලෙස සැලකේ.
නව පත්වීම් ලද සියලුම දෙනා ෂී ජින්පිං ට පක්ෂපාතී අය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයට ෂී ජින්පින්ගේ අංක දෙක ලෙස කටයුතු කරන බවට ඉඟියක් ඇති ලී චැන්ග් ද ඇතුළත් වේ.
රාජ්‍ය විරෝධී විරෝධතා අවුලුවා ලූ ඔහුගේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියෙන් පසු චීනය නැවත විවෘත කිරීම ෂී ජින්පින්ගේ පාලනය ශක්තිමත් කර තිබේ.
මේ සතියේ පැවැත්වෙන ජාතික මහජන කොංග්‍රසයේ සහ චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ඊනියා සැසිවාර දෙක ඉදිරි වසරවල දී චීනයේ දිශානතිය පිළිබඳ දර්ශනයක් සපයන බැවින් සමීපව නිරීක්ෂණය කෙරේ.
ෂී ජින්පිං ට පෙර චීනයේ නායකයන් ගේ ධුර කාලය වාර දෙකකට සීමා විය. 2018 දී එම සීමාව වෙනස් වූ විට, ඔහු, සභාපති මාඕගෙන් පසු එරට බිහිවූ පෙරනොවූ විරූ චරිතයක් බවට පරිවර්තනය කළේය.