ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඒක වර්ගවාදී ඝාතනයක්': ඊසාන දිග ඉන්දියානුවන් මුහුණදෙන වර්ගවාදී ප්‍රහාරවල අඳුරු පැතිකඩ
ඊසානදිග ඉන්දියාවේ ත්‍රිපුරා ප්‍රාන්තයේ 24 හැවිරිදි ඒන්ජල් චක්මාගේ මරණය ඉන්දියාව පුරා බොහෝ දෙනෙකු අතර කෝපයට හේතු වී තිබේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරන්නේ, උත්තරාකන්ද් ප්‍රාන්තයෙහි සිදු වූ වර්ගවාදී ප්‍රහාරයකින් පසු ඔහු මිය ගිය බව ය. එම චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කර තිබේ.
නමුත්, ඒන්ජල්ගේ කතාව ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු එක් රාත්‍රියකට වඩා වැඩි සිද්ධියකි.
බීබීසීයේ ඉෂාද්‍රිතා ලහිරි සහ අන්තරික්ෂ් ජේන්, ත්‍රිපුරාහි ඒන්ජල් ජීවත් වූ දුෂ්කර ගම්මානයට ගොස් ඔහුගේ සහෝදරයා වන මයිකල්, ඔහුගේ පියා, මිතුරන් සහ ශිෂ්‍ය නායකයින් හමුවිය.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය ජීවිත කාලය පුරා ම ඊසාන දිග ඉන්දියාවේ වෙසෙන ජනයා සිය ප්‍රදේශයෙන් පිටතදී මුහුණ දුන් වර්ගවාදී අපයෝජනයන් එහිදී විස්තර කළහ.